Monday, November 11, 2013

Virtual Router පාවිච්චි කරලා එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් බා ගමූ..


Virtual Router පාවිච්චි කරලා එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් බා ගමූ.. 

අද මම කියන්න යන්නෙ තමන්ගේ ඩොන්ගල් එක එකපාර දෙන්නෙක්ට හෝ වැඩි ගානකට පාවිච්චි කරන්න පුලුවන් මෘදුකාංගයක් ගැන ඒකෙ නම් තමයි වර්චුවල් රවුටර්..!! තව වාසික් තමයි  රැහැන් රහිතව බාවිතා කල හැකි වීම උදා:- තමන්ගෙ රැහැන් රහිත ජංගම දුරකථනය, තව පරිගනක එක්ක බෙදා ගන්න එක.. මම දැනට මගේ ජංගම දුරකථන බොඩිමෙදි පාවිච්චි කරන්නෙ මෙහෙමයි ;) 

මේ මෘදු කාංගයෙන් කරන්නේ අපේ ඩොංල් එක, Dial-Up Networking (ඇමතුම්ජාලකරණය) හෝ LAN (පෙදෙසි ජාලය) සංබන්දකම රැහැන් රහිත විදියට පරිවර්ථනය කරලා දෙනවා. වාසිය තමයි බිල් දෙක්ක් ගෙවන්න නෙවීම සහ hsdpa තිබ්බම බැට්රි කන එක අඩු වීම.. ;) Wifi දාගෙන ලෙසටම වැඩ කරන්න පුලුවන් වීම. සරලම කිව්වොත් ලැප් එක hots-spot ඒකක් වෙනවා. 
බලන්න අමුනලා තියන රූප බලලා අහසග් ගන්න පුලුවන්ද කියලා සරලයි. 





මෙය නොමිලේ ලබාදෙන් මෘදුකාංගයක් වන අතර මෙම යොමුවෙන් බාගතකල හැකියි යොමුව
බලලා වැඩක් ගත්තා නම් පොඩි කමෙන්ටුවක් දාලා මාව දිරි මත් කරන්ත් අමතක කරන්න එපා. නොතේරෙන දෙයක් අපහැදිලි තැනක් තිබ්බොත් එහෙම අහන්න. තව ඔයා කැමති මොනවද කියලා කිව්වොත් ලොකු දෙයක්. එහෙනම් ජයවේවා කිව්වා හැමදෙනාටම. වැදගත් වැඩක් එක්ක ආයිමත් මුන ගැහෙමු..!!


දිල්නුවන්..!!

Wednesday, May 29, 2013

විදුලි බිල අඩු කරගන්න LED වලට මාරුවෙමු


විදුලි බිල අඩු කරගන්න LED වලට මාරුවෙමු

පොඩි පොඩි ගැජට් ටිකක් මේ කාලෙ හැදුවා ඒත් වැඩ රාජකාරි නිසා කාලෙකින් මොනවත් ලියන්න බැරි උනා. හැමෝම වැඩි උන විදුලි බිලට බැන බැන ඉන්නවා මම කල්පනා කලා දන්න දෙයින් ප්‍රෙයෝජනයක් ගන්න ඒත් මම කියන්නේ නෑ විදුලි බිල වැඩි කල එක හොඳයි කියලා අනික මෙච්චර වහිද්දිත්. අනික අපි බැන බැන උන්නා කියලා එයාල අඩු කරන එක්කද. අදුරට ශාප කිරිමෙන් පලක් නෑ ඒනිසා එක පන්දමක් හෝ දැල්වීමේ අරමුනින්  පිටකොටු ගියා විසඳුමක් හොයන්න යද්දි වික්‍රමප්ලාසා (88 බිල්ඩින් එකෙත් තියනවා මහින්ද අයියගේ කඩේත්)එකේ කඩවල දැක්කා LED බල්බ් පැක් එක විකුන්න තියනවා (ඒ කියන්නේ කිට් එකම බල්බ් පවර් පැක් හිට්සින්ක් ඔක්කෝ).. ඒකෙන් තමා අද නිර්මානෙ කරන්නේ. ඉතින් මම අද කතා කරන්නේ LED බල්බ් ගැන නිකන් ඒව්වා නෙවි SMD LED ගැන. ඒ විතරක් නෙවි හදන්න යන වියදම එලිය ගැනත් උපරිම අවබෝදයක් ගන්න පුලුන් විදියට පින්තූර ටිකක් දැම්මා.
7 W LED එකට රූ=590
10 W LED එකට රූ=890 විතර උනා
20 W LED එකට රූ=2000 විතර ෙඋනා

පිටකෙටුවේ ගාන තම කියුවේ කෑලි ටික අරන් එකලස් කර ගන්න ලාබයි එලියත් හොඳයි. ට්‍රයි කරලා බලන්න.
LED ගනිද්දි lumens per watt බලලා ගන්න පුලුවන්නම් හොඳයි. ඒත් ලංකාවේ නම් නැ තියනවානම් මවත් දැනුවත් කරන්න..






මේක මම වැඩ කරන දුප්පත් මේසෙ ගනන් ගන්න එපා පොඩ්ඩක් සුද්ද කරලා නෑ...;) සයිඩ් එකේ පොඩ්ඩක් බ්ලර් කරන මේසේ උඩ තියන ඒවා ඇඩ් එකක් වෙන නිසා... ඇත්තටම එලියයි හොඳයි.


දැන් නම් මේ ලයිට් එක අපේ ගෙදර සාලෙට දැම්මා හැබැයි රිෆ්ලෙක්ටර් එක ගැලෙව්වා නැත්තම් එලිය මදි සති දෙකක් තිස්සේ දුවනවා අවුලක් නම් උනේ නෑ. මතක තියාගන්න රිෆ්ලෙක්ටර් එක ගලවලා ලයිට් එක දිහා බලන්න එපා ඇහැට හොඳමදි. 10W බල්බ් එක CFL එක්ක බැලුවොත් 18W වගේ තිබ්බා.. එහෙනම් ජයවේවා කියුව්වා හැමොටම වැඩේ හොඳයි කියලා හිතනවානම් පොඩි කොමෙන්ටුවක් දාලා යන්න. 


Wednesday, March 6, 2013

google පාවිච්චි කරලා සිංහලෙන් ලියමු

Google පාවිච්චි කරලා සිංහලෙන් ලියමු

අද කියන දේ ගොඩක් අය දන්න දෙයක් වෙන්න පුලුවන් ඒත් මේගැන  නොදන්න අය දැනුවත් කරන්නයි මේ උත්සාහය. හිතමු අපිට පරිගණකයක් සෙට් උනා කියලා යුනිකේත නැති වින්ඩෝස් 7 හෝ 8 වර්ගයේ (Ubuntu වලත් පාවිච්චි කරන්න පුලුවන් වේවී ප්‍රායෝගිව භාවිතා කරලා නම් නැ). ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙච්චරයි www.google.lk වෙත පිවිසිලා පහත රූප පරිදි කරන්න. නොදන්න අයට ගොඩක් වටීවි.. හැබැයි වැඩ කරන්නේ නම් විජේසේකර යතුරු පුවරුව ඒක දන්න අයට නම් අවුලක් වෙන එකක් නෑ. හදිසි වැඩකට මරේ මරු. මතක තියාගන්න මේකත් ගූගල් විසින් නොමිලේ ලබාදෙන සේවාවක්. ගෙදර වගේ සිංහල ලියන්න ඔබත් උත්තාහ කරන්.


 අනිත් තැන තමයි මේතන http://www.google.com/intl/si/inputtools/cloud/try/
එහෙනම් ජයවේවා කියුවා හැමොටම..!! සුභ දවසක්...