Wednesday, May 29, 2013

විදුලි බිල අඩු කරගන්න LED වලට මාරුවෙමු


විදුලි බිල අඩු කරගන්න LED වලට මාරුවෙමු

පොඩි පොඩි ගැජට් ටිකක් මේ කාලෙ හැදුවා ඒත් වැඩ රාජකාරි නිසා කාලෙකින් මොනවත් ලියන්න බැරි උනා. හැමෝම වැඩි උන විදුලි බිලට බැන බැන ඉන්නවා මම කල්පනා කලා දන්න දෙයින් ප්‍රෙයෝජනයක් ගන්න ඒත් මම කියන්නේ නෑ විදුලි බිල වැඩි කල එක හොඳයි කියලා අනික මෙච්චර වහිද්දිත්. අනික අපි බැන බැන උන්නා කියලා එයාල අඩු කරන එක්කද. අදුරට ශාප කිරිමෙන් පලක් නෑ ඒනිසා එක පන්දමක් හෝ දැල්වීමේ අරමුනින්  පිටකොටු ගියා විසඳුමක් හොයන්න යද්දි වික්‍රමප්ලාසා (88 බිල්ඩින් එකෙත් තියනවා මහින්ද අයියගේ කඩේත්)එකේ කඩවල දැක්කා LED බල්බ් පැක් එක විකුන්න තියනවා (ඒ කියන්නේ කිට් එකම බල්බ් පවර් පැක් හිට්සින්ක් ඔක්කෝ).. ඒකෙන් තමා අද නිර්මානෙ කරන්නේ. ඉතින් මම අද කතා කරන්නේ LED බල්බ් ගැන නිකන් ඒව්වා නෙවි SMD LED ගැන. ඒ විතරක් නෙවි හදන්න යන වියදම එලිය ගැනත් උපරිම අවබෝදයක් ගන්න පුලුන් විදියට පින්තූර ටිකක් දැම්මා.
7 W LED එකට රූ=590
10 W LED එකට රූ=890 විතර උනා
20 W LED එකට රූ=2000 විතර ෙඋනා

පිටකෙටුවේ ගාන තම කියුවේ කෑලි ටික අරන් එකලස් කර ගන්න ලාබයි එලියත් හොඳයි. ට්‍රයි කරලා බලන්න.
LED ගනිද්දි lumens per watt බලලා ගන්න පුලුවන්නම් හොඳයි. ඒත් ලංකාවේ නම් නැ තියනවානම් මවත් දැනුවත් කරන්න..






මේක මම වැඩ කරන දුප්පත් මේසෙ ගනන් ගන්න එපා පොඩ්ඩක් සුද්ද කරලා නෑ...;) සයිඩ් එකේ පොඩ්ඩක් බ්ලර් කරන මේසේ උඩ තියන ඒවා ඇඩ් එකක් වෙන නිසා... ඇත්තටම එලියයි හොඳයි.


දැන් නම් මේ ලයිට් එක අපේ ගෙදර සාලෙට දැම්මා හැබැයි රිෆ්ලෙක්ටර් එක ගැලෙව්වා නැත්තම් එලිය මදි සති දෙකක් තිස්සේ දුවනවා අවුලක් නම් උනේ නෑ. මතක තියාගන්න රිෆ්ලෙක්ටර් එක ගලවලා ලයිට් එක දිහා බලන්න එපා ඇහැට හොඳමදි. 10W බල්බ් එක CFL එක්ක බැලුවොත් 18W වගේ තිබ්බා.. එහෙනම් ජයවේවා කියුව්වා හැමොටම වැඩේ හොඳයි කියලා හිතනවානම් පොඩි කොමෙන්ටුවක් දාලා යන්න.