Wednesday, May 29, 2013

විදුලි බිල අඩු කරගන්න LED වලට මාරුවෙමු


විදුලි බිල අඩු කරගන්න LED වලට මාරුවෙමු

පොඩි පොඩි ගැජට් ටිකක් මේ කාලෙ හැදුවා ඒත් වැඩ රාජකාරි නිසා කාලෙකින් මොනවත් ලියන්න බැරි උනා. හැමෝම වැඩි උන විදුලි බිලට බැන බැන ඉන්නවා මම කල්පනා කලා දන්න දෙයින් ප්‍රෙයෝජනයක් ගන්න ඒත් මම කියන්නේ නෑ විදුලි බිල වැඩි කල එක හොඳයි කියලා අනික මෙච්චර වහිද්දිත්. අනික අපි බැන බැන උන්නා කියලා එයාල අඩු කරන එක්කද. අදුරට ශාප කිරිමෙන් පලක් නෑ ඒනිසා එක පන්දමක් හෝ දැල්වීමේ අරමුනින්  පිටකොටු ගියා විසඳුමක් හොයන්න යද්දි වික්‍රමප්ලාසා (88 බිල්ඩින් එකෙත් තියනවා මහින්ද අයියගේ කඩේත්)එකේ කඩවල දැක්කා LED බල්බ් පැක් එක විකුන්න තියනවා (ඒ කියන්නේ කිට් එකම බල්බ් පවර් පැක් හිට්සින්ක් ඔක්කෝ).. ඒකෙන් තමා අද නිර්මානෙ කරන්නේ. ඉතින් මම අද කතා කරන්නේ LED බල්බ් ගැන නිකන් ඒව්වා නෙවි SMD LED ගැන. ඒ විතරක් නෙවි හදන්න යන වියදම එලිය ගැනත් උපරිම අවබෝදයක් ගන්න පුලුන් විදියට පින්තූර ටිකක් දැම්මා.
7 W LED එකට රූ=590
10 W LED එකට රූ=890 විතර උනා
20 W LED එකට රූ=2000 විතර ෙඋනා

පිටකෙටුවේ ගාන තම කියුවේ කෑලි ටික අරන් එකලස් කර ගන්න ලාබයි එලියත් හොඳයි. ට්‍රයි කරලා බලන්න.
LED ගනිද්දි lumens per watt බලලා ගන්න පුලුවන්නම් හොඳයි. ඒත් ලංකාවේ නම් නැ තියනවානම් මවත් දැනුවත් කරන්න..






මේක මම වැඩ කරන දුප්පත් මේසෙ ගනන් ගන්න එපා පොඩ්ඩක් සුද්ද කරලා නෑ...;) සයිඩ් එකේ පොඩ්ඩක් බ්ලර් කරන මේසේ උඩ තියන ඒවා ඇඩ් එකක් වෙන නිසා... ඇත්තටම එලියයි හොඳයි.


දැන් නම් මේ ලයිට් එක අපේ ගෙදර සාලෙට දැම්මා හැබැයි රිෆ්ලෙක්ටර් එක ගැලෙව්වා නැත්තම් එලිය මදි සති දෙකක් තිස්සේ දුවනවා අවුලක් නම් උනේ නෑ. මතක තියාගන්න රිෆ්ලෙක්ටර් එක ගලවලා ලයිට් එක දිහා බලන්න එපා ඇහැට හොඳමදි. 10W බල්බ් එක CFL එක්ක බැලුවොත් 18W වගේ තිබ්බා.. එහෙනම් ජයවේවා කියුව්වා හැමොටම වැඩේ හොඳයි කියලා හිතනවානම් පොඩි කොමෙන්ටුවක් දාලා යන්න. 


23 comments:

  1. නියම වැඩක්..CFL එකෙයි LED එකෙයි Power consumption වල ලොකු වෙනසක් තියනවද?

    ReplyDelete
  2. ඇතතටම මට ඇම්පියර් ගාන බලලා දන්න බැරි උනා ඒත් මගේ පුද්ගලික අත්දැකීම අනුව නම් 10w එක 18W විතර එලිය තිබ්බා රිෆ්ලෙක්ටරේ ගැලෙව්වම නම් බලන්න අමාරුයි එච්චර සැරයි එලිය.. 10W ඒකක රිෆ්ලෙක්ටරේ ගලවලා අපේ ගෙදර සාලෙට දැම්මා.. 18w CFL ඒකක් ගානට තිබ්බා..

    ReplyDelete
  3. නියම වැඩක්.I like 20W

    ReplyDelete
  4. වැඩේනම් නියමයි.. මේ අවශ්‍ය දේවල් කොහෙන්ද ගන්න පුලුවන්? මේකට යොදා ගන්න LED එක මොකක්ද?

    ReplyDelete
  5. පිට කොටුවේ, පලවෙනි හරස්පාරේ 88 බිල්ඩිමේ මහින්ද අයියගෙ කඩේ තියනවා. වික්‍රමප්ලාසා එකෙත් තියනවා. SMD කියලා මොඩ්ල් එකක් එක බල්බ් එකක් 1W රු20 උනා.

    ReplyDelete
  6. මල්ලි හරි වටිනා post එකක්. මමත් හිටියනම් ලංකාවේ ෂුවර් හදනවා. thanks.

    ReplyDelete
  7. i hv done this for whole my home..hv significant deduction in usage.good solution for energy saving..

    ReplyDelete
  8. රිෆ්ලෙක්ටර් එක ගැලෙව්වොත් එළිය විහිදිලා යන එකක් නෑ නේද? කෙලින්ම පහලට ටෝච් එකක් ගැහුවා වගේ වෙන්නෙ නැද්ද?

    ReplyDelete
  9. ලොකූ වෙනසක් නම් උනේ නැ කොහොමත් CFL වගේ විහිදීමක් නැ එත්. රිෆ්ලෙක්ටර් ගලවලා බල්බ් එක දිහා බලන්න එපා එච්රට එලියයි...

    ReplyDelete
  10. හැ‍බැයි ගෙ‍ඩක් උඩින් හයි කරන්න නැත්තම් පොඩි අවුලක් තිබ්බා..

    ReplyDelete
  11. "විදුලි බිල අඩු කරගන්න LED වලට මාරුවෙමු"???
    හම්......!
    වගකිවයුතු වන්නේ අපි! අනුර ප‍්‍රියදර්ශන යාපා නොවේ…
    මාරුවෙමු මාරුවෙමු.....!

    ReplyDelete
  12. සුපිරි වැඩක්. මමත් ට්‍රයි කලා වැඩේ ගොඩ. මේ ව‍ගේ තවත් වැදගත් වන පෝස්ට් තියෙනවනම් බලාපොරොත්තු වෙනවා අපට දෙයි කියලා.

    ReplyDelete
  13. මම මුළු ගෙදරටම දැම්ම (12W x3යි / 7W 15යි ඔක්කොම ලයිට් පත්තු කරත් මීටර් එක හරිම හෙමින් දුවන්නෙ. ලයිට් බිල 1000 ක් විතර අඩු උනා (ගනන් යන්න කලින්). 13,050 ක් වියදම් උනා. ලයිට් බිල වැඩි උනාට පස්සෙ ආයිත් බිල 4500 ක් ආව. මම ඒ ගමන එකකුයි ඇලුත් ෆ්‍රිජ් එකක් ගත්ත ( අලුත් කිව්වට ක්‍රවුන් එකෙන් පාවිච්චි කෙරපු එකක් 30,000 කට ගත්තා මොකද පරන එක ලොකුත් වැඩියි ගැස්කටුත් ලීක්.පැය 24ම කොම්ප්‍රෙසර් එක වැඩ්. එකත් මාරු කරා එකට 42 ඉන්ච් එකට 115,000 ගියා මේ මාසෙ බිල තාම ආවෙ නැහැ. මේ මාසෙ බිල ආවට පස්සෙ තමි රිට්න් එක බලන්න පුලුවන් මම හිතන්නෙ නැහැ ලොකු ලාබයක් තියනව කියල ඇති කියල මූලික වියදම එක්ක බලන කොට

    ReplyDelete
  14. අන්න අදහස්... ස්තුතියි ඔබේ අදහසට

    ReplyDelete
  15. හොද පෝස්ටුවක්..

    මේකෙ ෆලෝ බට්න් එක දාපං.
    කමෙන්ට් කරන විදිය වෙනස් කරපං.


    ජය !

    ReplyDelete
  16. මා හට ඔබ ආයතනයෙන් බල්බ මිලදි ගෙන නැවත එබ ආයතනය වෙත බල්බ සාදා දිය හැකිය
    LED 40-100 බල්බයකට 100 ද
    LED 100-150 බල්බයකට 150 ද
    LED 150-300 බල්බයකට 200 ද
    3W SMD Chip 80 ද
    5W SMD Chip 100 ද
    7W SMD Chip 120 ද
    9W SMD Chip 150 ද
    12W SMD Chip 180 ද අය කෙරේ
    ඔබ ආයතනයට ගෙනවිත් බාර දිය හැකිය
    0757197382
    chamaraa9@gmail.com

    ReplyDelete
  17. machan mewa ganna matara thanak thiyenawada?

    ReplyDelete
  18. මතක විදියට නම් සන්ෂයන් එකේ තිබ්බා

    ReplyDelete
  19. mewage tv eke iri yana lede thiyenawane

    ReplyDelete
  20. mewage tv eke iri yana ledak thiyenawane,mokada karanne ekata

    ReplyDelete