Wednesday, March 6, 2013

google පාවිච්චි කරලා සිංහලෙන් ලියමු

Google පාවිච්චි කරලා සිංහලෙන් ලියමු

අද කියන දේ ගොඩක් අය දන්න දෙයක් වෙන්න පුලුවන් ඒත් මේගැන  නොදන්න අය දැනුවත් කරන්නයි මේ උත්සාහය. හිතමු අපිට පරිගණකයක් සෙට් උනා කියලා යුනිකේත නැති වින්ඩෝස් 7 හෝ 8 වර්ගයේ (Ubuntu වලත් පාවිච්චි කරන්න පුලුවන් වේවී ප්‍රායෝගිව භාවිතා කරලා නම් නැ). ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙච්චරයි www.google.lk වෙත පිවිසිලා පහත රූප පරිදි කරන්න. නොදන්න අයට ගොඩක් වටීවි.. හැබැයි වැඩ කරන්නේ නම් විජේසේකර යතුරු පුවරුව ඒක දන්න අයට නම් අවුලක් වෙන එකක් නෑ. හදිසි වැඩකට මරේ මරු. මතක තියාගන්න මේකත් ගූගල් විසින් නොමිලේ ලබාදෙන සේවාවක්. ගෙදර වගේ සිංහල ලියන්න ඔබත් උත්තාහ කරන්.


 අනිත් තැන තමයි මේතන http://www.google.com/intl/si/inputtools/cloud/try/
එහෙනම් ජයවේවා කියුවා හැමොටම..!! සුභ දවසක්...

Tuesday, December 4, 2012

ඕනිම ඩ්‍රයිව්‍ එකක් එකම වහලක් යටින්



ඕනිම ඩ්‍රයිව්‍ එකක් එකම වහලක් යටින්

පොඩි වැඩ වගේකට අහුවෙලා හිටියා ඒ නිසා කලකින් මොනවත් ලියුවේ නෑ සමාවේන ඕනි ඒ පිලිබඳව.
අද මම කියන්න යන්නේ හොයාගන්න අමාරු සහ ලේසිම ඩ්‍රයිවස් බාගත කරන්න පුලුවන් මෘදුකාංගයක්ගැන . ඒකේ නම තමයි 3DPCHIP. කොටින්ම කවරේ ගලවන්නේ නැතුව උනත් මේකේන ඩ්‍රටිවස් හොයන්න පුලුවන් හරිම ලේසියෙන්. මේක පරිගණක දෘඩාංග වලට ආස අයට නම් කෝටික් විතරතර වටීවි අනිත් අයටත් ගොඩක් ප්‍රයෝජන ගන්න පුලුවන් මෘදුකාංගයක් වේයි කියලා මම හිතනවා. හැබැයි කොහෙන් හරි මේ මෘදුකාංගය වැඩ කරන්න නම් අන්තර්ජාල පහසුකම තියෙන්න ඕනි. වැඩි කතා ඕනි නැ යට රූප ටිකක් අමුනලා තියනවා. ඒව  බලලා ගන්නකෝ අදහසක්.. මටනම් මේකේන් හොයාගන්න බැරි උනු ඩ්‍රයිව් එකක් නම් නැ. කියවලා බලලා පොඩි කමෙන්ටුවක්න් හරි උදව්ක් කලෝත් ගොඩක් වටිනවා. google කලත් ගන්න පුලුවන් යට ලින්ක් එක අමුනලා තියනවා. එහෙනම් ජයෙන් ජය කියුවා හැමෝටම...!! 




අදාල ඩ්‍රයිව් එක තේරුවම වෙබ් ටැබ් එකක ඔපන් වෙනවා අදාල ඩ්‍රයිව් එක් බාගත කාලාට පස්සේ ඇස් පියාගෙන දාන්න පුලුවන්.වැදගත්ම දේතමයි නිදහස් මෘදුකාංගයක්  ව්ම ..

Thursday, July 5, 2012

සංගීතමය දොර සීනූවක් -Music doorbell



සංගීතමය දොර සීනූවක්-UM3482 door bell


එක එක ප්‍රශ්ණ එක එක කාලෙට ඒත් කාලෙකින් ලියන්න හිතුවා‍. බවුත් එකත් මලකඩ කාලා එයාලගෙන් වැඩක් ගන්නත් බැරි උනා එක එක විභහග නිසා  හැබැයි කාලයක ඉඳලා ලියන්න හි‍තේ තිබ්බ දෙයක් තමයි අද ඔයාලට කියන්න යන්නේ. අපේ ගෙදරත් අදටත් පාවිච්චි කරන මමම හදපු පොඩි ගැජට්ටුවක් ඇත්ටම මේක බේල් එකක්. ගෙදර බෙල් එක කියුවම මතක් වෙන්නේ ට්‍රීං....... ගාලා කන කඩලා යන්න වදින නැත්ම් ටිං ටොං ගාන බේල් අයියෝ සල්ලී දීලා නේද මේවා ගන්නේ කියලත් හිතෙනවා එක වෙලාවකට. මට වගේම කන් කරච්චල් නැති සංගීතමය දොර සීනුවක් ♪♪♫♫ ඔයාලටත් හදාගන්න පුලුවන් වැඩිම උනොත් රු500ක් යාවි. කයිවාරු ඇති ද මන්දා :P ඉතින් බලමු හදන විදිය වගේම හදන්න ඕනි මොනවද කියලා.මේන්න මේ බඩු ලිස්ට් එක....

01. UM 3482 (UM 3481,2,5) ඕනිමි සංගෘහිත පරිපථයක් සිංහලෙන් කියුවොත් IC එකක් **මම පාවිච්චි කලේ UM3482 & Base
02. 2" 8Ω spaker =1 මම මෙතනදි පාවිච්චි කලේ පිසෝ බසර් එකක් එකයි සද්දේ අවුල්
03. 0.01MFD =1
04. 2.2MFD =1
05. 100K =1***
06. D400 =1
07. AA බැටරි 02 කේස් එකකයි

පල්ලෙහා තියනවා පරිපථ සටහන තියන විදයට වෙරෝ පුවරුවක කැලි ටික සකසාගන්න 




විඩියෝව

IC තොරගන්න කලින් කියවන්න

ඉතින් හදලා විනෝද වෙන්න කියලා කියනවා වගේම පොඩි කමෙට් පාරක් දාලා යන්න අමතක කරන්නත් එපා කියලත් කියනවා.එහෙනම් ජයවේවා කියු‍වා හැමදෙනාටම. තව වටින ගැජමැටික් වලින් ලඟදිම හමුවෙමු..











Wednesday, May 2, 2012

දන්නවද වයිබර් ගැන


දන්නවද වයිබර් ගැන


අද කතා කරන්නේ ඇන්ඩ්‍රෝයිඩ් වලට දාන්න පුලුවන් VIOP මෘදුකාංගය ගැන මෙම මෘදුකාංගය කලින් ඇපල් ජන්ගම දුරකථන සඳහා සහ ඇන්ඩ්‍රෝඩ් භාවිතා කල හැකියි නම තමයි වයිබර්. දැනට පාවිච්චි කරපු ගෙඩක් අය ඉන්න පුලුවන් ඒත් මම ලියන්නේ නොදන්න අය වෙනුවේන්.  කරන්න තියෙන්නේ පහත වෙබ් ලිපිනයට ගිහිල්ලා ඔබගේ දුරකථනයට ස්ථාපනය කරගැනීම පමනයි. මම නම් සැහීමකට පත්වුනු සරල මෘදුකාංගයක් එනිසා ඔබත් උත්සාහ කරලා බලන්න. ඇත්ත‍ටම එයාල කියන විදියට මෙම VOIP මෘදුකාංගය දැනට මිලියන 40 වඩා පාවිච්චි කරනවා. ඒනිසා සැහෙන්න වැඩක් ගන්න පුලුවන්. හැබැයි වැඩ කරන්න Wi-fi හරි Packet Data වලින් හරි අන්ත්‍රර්ජාලා පහසුකම තිබිය යුතුමයි.පිටරට යාළුවෝ එක්ක ‍පැයගනන් නිදහසේ කොල් කරන්න SMS යවන්න නියමයි ලංකාවේ කියලත් ඉතින් තහනමක් නැ...:D. ගෙදර Wi-Fi නම් නිමක් නැතුව මල්කඩන්න අපි එනවද නවත්තන්න...:D පින්තූරත් අමුනලා තියනවා වැඩේ පහසු කරගන්න.









 එහෙනම් සුභ දවසක් කියුවා හැමොටම. ඉදිරියේදි අලුත් අත්දැකීමක් සමග නැවත හමුවෙමු.
   

Tuesday, April 3, 2012

ලේසියන්ම ඇන්ඩ්‍රෝයිඩ් මොබයිල් ෆොන් වලට සිංහල යුනිකේත දාමු.


ලේසියන්ම ඇන්ඩ්‍රෝයිඩ් මොබයිල් ෆොන් වලට සිංහල යුනිකේත දාමු.




අවුරුදු මාසේ හා හාපුරා කියලා ලියන පලවෙනි පෝස්‍ට් එක. තිබ්බ විබහගත් ඔක්කොම ඉවර උන නිසත් අලුත් පන්තියක් පටන් ගන්න යන නිසාත් අද ලියන්න ගත්තා. ඔන්න අද කතා කරනන් යන්නේ ලේසියන්ම ඇන්ඩ්‍රෝයිඩ් වලට සිංහල යුනිකේත දාන විදිය ගැන. මොකද මමත් ගත්ත samsung galaxy y s5360 එකක් එපා වෙලා උන්නේ සිංහල අකුරු (ඊමේල්) පෙන්නේ නැති නිසා. ඇත්තටම හොයා ගත්තේ නම් නෙවි යාළුවෙක් නම ශනික (Shanika Dinesh).

ඔන්න ඔතන තියනවා font එක

දැන් දාන විදිය බලමු. මුල්න්ම ‍ෆොන් එකේ මෙමරි කාඩ් එකට හරි උඩින් තියන ලින්ක් එකෙන් කෙලින්ම හරි බාගත කරගන්න.
Seettging > application >
(Install) කරන්නයද්දි අහවි දාන්නමද කියලා

unknown source ටික් එකදාන්න
ඊටපස්සේ කරන්න තියෙන්නේ 
Seettging > Display setting> screen display > font style> choose new font>
WIKI_ANDROID තොරන්න
ඊට පස්සේ රිසෙට් වෙන්න අහවි ඒකට ඔව් කියලා දෙන්න.

දැන් බලන්නකෝ සිංහල වැඩකරන හැටි යස අපූරුවට බලලා විතරක් මදි පොඩි හරි ‍කමෙන්ටුවක් දෙන්නත් අමතක කරන්න එපා ඒක ලොකු උදව්වක් දෛර්යක් වේවි මට.

දැනට samsung galaxy y s5360 සහ samsung galaxy ace සඳහා බාවතා කර ඇති බව කියන්නේ සතුටින්. එහෙනම් ජයවේවා කියලා පැතුවා ‍හැමදෙනාටම....!!

Monday, March 19, 2012

NetPerSec ගැන ඔබ දන්නවද...??



NetPerSec ගැන ඔබ දන්නවද...??

අද මම කියන්න යන්නේ ඔබගේ අන්තර්ජාලයේ වේගය නිවැරදිව පරික්ශා කරගත හැකි සරල ටූලයක් ගැන නම තමයි NetPerSec. බොහො අන්තර්ජාලයේ සමාගම් ලබාදෙන අන්තර්ජාලයේ වේගය අපිට නිවැරදිවම බැලිමට භාව්තා කල හැකි සරලම ටූලයක් වගේම ඔබගේ නෙට් වර්ක් කාඩ් එකෙන් කොපමණ ඩේටා සංනිවේදනය වෙනවාද යන්නත් මෙයින් මැන බැලිය හැකිය. මෙය හෝවිට wimax වගේම broadband වලත් නිවැරදි තොරතුරු ලාබා දෙනවා බොහෝ අන්තර්ජාලයේ ඇති Online ටූල යන්ට ව‍ඩා...

කරන්න තියෙන්නේ මෙච්චරයි ටූල් එක බාලා පරිඝණකයට ඔබගේ නෙට් වරක් කාඩ් එක තෝරන්න. ඊට පස්සේ youtube විඩියෝවක් දාන්න. (2Mbps වල‍ට වඩා වැඩි නම් අනිවාර්යෙන් 2ක් හෝ 4 Mbps නම් 3හෝ 4 දාන්න). සැලකිය යුතුයි:-රවුටරයේ සිට පැමිනෙන කේබලය මෘදුකාංගයක් කෙලින්ම සවි කරන්න.

පින්තූරත් දාලා තියනවා ඔයාලට ලේසි වෙන්න. පාවිච්චි කරන්න නම් බය වෙන්න එපා මේක නිදහස් මෘදුකාංගයක්


කාඩ් තෝරන තැන


Friday, December 16, 2011

Google picasa- ගැන




Google picasa

ආයුබෝවන් හැමදෙනාටම ගොඩ කාලෙකින් මොකුත්ම ලියන්න වෙලවක් තිබ්බේ නැ ඉහටත් උඩින් වැඩ තිබ්බ නිසා. අලුත් ගැජට් දෙක තුනක් නම් හැදුවා එත් එවගේ පින්තුර අරන් පරිපථ සටහන් ඇඳලා දාන්න වොලවක් හදාගන්න අමාරුයි ඒත් බලමු අවුරුද්ද ඉවර වෙන්න කලින් කොහොම හරි කරන්න බලනවා එලම වැඩ ටිටකක්.  හරි කතාව ඇති කෙලිනම් කා‍රනේට බහිමු නැද්ද මම කියන්නේ ;) 
ගොඩක් අය දන්නවා කියලා හිතුවට මේක ගැන නොදන්න අයත් ඉන්නවා කියලා මම ලඟඳි තමයි දැක්කේ. මේක ගූගල් සමාගම වෙනදවගේම බීටා විදිටම දෙන තව ගැජට් එකක් කියන්ත් පුලුවන්. ඇත්තට මේක එච්චර පරිගණකයටත් එතරම් බර නැති මෘදුකාංගයක්. මේකෙන් මම ගොක් වැඩ ගන්නවා. වෘත්තිමය මට්මේ වැඩගන්න පුලුවන් ටූල් එකක් කියලයි මම නම් හිතන්නේ. මේ මෘදුකාංගය බාවිතා කරලා මම පින්තුර වලට ‍‍copywriter මාක් දානවා, රතස් දෝශ නිවැරදි කරනවා (Redeye) වගේම පින්තුරවල වර්ණ උශ්නත්වය හාදාගන්නත් නියමයි බාන්ඩේ, තවත් කි‍යුවොත් නොයිස්තුත් ගොඩක් අඩුයි කියලයි මගේ නම් පුද්ගලික මතය, තව ‍ඒකේ තියනවා Effects කියලා ටැබ් එකක් එතන ගියාම පින්තුරේ ත්‍රීව්තාවය හදන්න වගේම කලු සුදු කිරිම ‍එක  ලක්ශයක් වර්ණ කර අනිත් ඒවා කලුසුදු කිරීම ඇතුලත්. මලක අනවශ්ෂය කොටස් අපහැදිලි ගැන්වීමක් උවත් කරන්න පුලුවන්. ලොකුම වාසික් තමයි තමන්ගේ බ්ලොග්, picasa album, google+, එකට හරි ෆෙස්බුක් එකට හරි හදපු පිනත්ර එකක් හෝ බොහෝ ගනනක් එක වර  upload කිරිමේ හැකියාව වගේම පින්තුර ගත්තු තැනත් ඒ එකක්ම දාන්න පුලුවන්, ටැග් කරන්නත් පුලුවන්.. photo shop නොදන්න කෙනෙක්ට උනත් ලේසියෙන්ම අල්ල ගන්න පුලුවන් වෙයි කියලා හිතනවා... ඉතින් දාගෙනම බදාලාම හොඳ නරක පොඩ්ක් කියලා යන්න මටත්.. ‍
http://picasa.google.com/


Add caption

There was an error in this gadget