Friday, December 30, 2016

ජනහද හඳුනන පවර් බැන්ක් එක - DIY Power Bank




ජනහද හඳුනන පවර් බැන්ක් එක -  DIY Power Bank 


ආයුබෝවන් යාළුවෝ හැමදෙනටම 2016 ඉවර වෙන්න ඔන්න මෙන්න කියලා මේ අවුරුද්ටම ලියන පලවෙනි සහ අන්තිම බ්ලොග් පොස්ට් එක ලියන්න හිතුවා. කරපු ගොඩක් දේවල් තිබ්බත් රැකියවත් ගෙදර දොරේ වැඩත් එක්ක වෙලාව හෙයාගන්න එකනම් හරිම අමාරු වැඩක් උනා, ඒත් ඔන්න අදත් ලඟදි හදපු පොඩි ගැජට්ටුවක් ඔයාලා එක්ක බෙදාගන්නවා. අද කතාකරන්නෙ ලාබෙට හදාගන්න පුලුවන් හොඳ පවර් බැනක් එකක් ගැන.
ස්මාර්ට් වර්ගයේ ජන්ගම දුරකථන වලට ඉතින් පවර් බැන්ක් නැතුවම බෑනෙ වැඩි හරිය කරන්නෙ චාජ් කරන එක නෙ හැමොම එක දන්නවනෙ අලුතෙන් ගන්න ගියොත් ධාරිතාව අඩුම හොඳම තත්වේ මේවගේ එකක් රු 3500 වෙනවා ඒත් ඒවගේ එකකින් උපරිම 2 පාරක් චාජ් කරයි එත් මේ පවර් බැන්ක් එකේ ධාරිතාවය ගැන කිව්වොත් 10400 mAh (🔋🔋🔋) නකර නැ නේද..? 👏🙆
හදාගන්න කියක් යයිද..? රු:2000
එච්චර නෑ වැඩිම උනොත් රු1000 අඩුගානක් යයි.

අවශ්ෂ උපකරන.

01. පරණ ලැප්ටෙප් බැටරියක් 6 (6 Cell laptop battery) ඒකෙන් ඕනි බැටරි 4යි. කඩෙන් අලුතෙන්ම ගත්තත් යන්නෙ රු 640.
02. 5V 2.1A USB Power Bank Case Kit 4X. කියලා ebay.com සර්ච් කරන්න. ඩොලර් 3ට වඩා අඩුවෙන් ගන්න පුලුවන් කම තියනවා ඒ වගේ එකක් (මම ගත්ත එක ඩෙලර් 2ටත් අඩුයි).
පාස්සන්න බවුත් එකක්, ඊයම් ස්වල්පයක්, ෆලක්ස්, පොඩි වයර් කෑලි ටිකක්.

සම්පූර්න එකතුව ගත්තොත්
බැටරි සඳහා අලුතෙන්ම එකක් රු 160X4= 640 (මට නම් රුපියලක් වත් ගියෙ නැ පරණ ලැප් බැටරිය නිසා)
Power Bank Case සඳහා 2$ කිව්වත් රු 150 වැඩිකලත් රු 300 යයි
සම්පූර්න මුදල =රු 940
ඒත් මට ගියෙ රු 300 අඩු ගානක් කියන්න වරදක් නැ ගානෙ හැටියට ගොඩක් හොඳයි සාමන්‍යන් ෆොන් එක 5වරකට ආසන්න ගානක් කිසිම අවුලක් නැතුව ජාච් වෙනවා.


වීඩියෝ එක  බලන්න ඒකෙ පේනව චාජ් වෙද්දි බල්බ් එක නිවි නිවි දැල් වෙනවා අනික බැටරියෙ ඉතුරු ප්‍රමානය දැනගන්න පුලුවන් LED.










බලලා ගතයුත්තක් තිබ්බා නම් පොඩි කමෙන්ටුවක් දාලා මාව දිරි මත් කරන්ත් අමතක කරන්න එපා. නොතේරෙන දෙයක් අපහැදිලි තැනක් තිබ්බොත් එහෙම කමෙන්ට් කරලා අහන්න. වැදගත් වැඩක් එක්ක ආයිමත් මුන ගැහෙමු..!! සුභ දවසක් වගේම ලබන්නාවු නව වසර සුභම සුභ නව වසරක් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා...!!

ලබන අවුරුද්දෙ වීඩියෝ බ්ලොග් එකක් කරන්න හිතන් ඉන්නවා තාක්ශනික දේවල් ගැන ගොඩක් වෙලාවට Networking ගැන වෙන්න පුලුවන්....!! කතාකරන්න ඕනි මාතෘකා තියනවනම් පල්ලෙහා කමෙනට් එකක් දාන්න බලමු අපි ඒව ගැනත් ඉදිරියෙදි කතා කරන්න..
තවදෙයක් කියන්න අමතක උනා මේක හදන්න අයිඩියා එක වගේම ලොකු උදව්වක් දුන්න අලුත් කන්තෝරුවේ චානක මලයා එයා ගැනත් මේ එක්කම මතක් කරනවා

එහෙනම් ජයවේවා කියුවා හැමොටම..!!



8 comments:

Team-D said...

Good job Dilnuwan

Staff information said...

Ela kollek ne. Jaya wewa..

Staff information said...

Ela Ela... Yaya wewa...

Staff information said...

Ela kollek ne. Jaya wewa..

Guruge Blog said...

යන්තම් ඔන්න පොස්ටුවක් දාල , පට්ට . මාත් ඕකක් ගෙන තමා පාවිච්චි කරන්නෙ .

Dr Kosala Mutukumarana MD said...

Well done dilnuwan

Lasith Chandrasekara said...

ela. Thanks for sharing it.

12V output ekak ganna puluwan power bank ekak ihadana widiya kiyapanko. Router eka current giyama weda karanna hada ganna.

Natuream said...

battery 4 series karannada one? labtop battery eke thiyenne battery 2 Parallel karala